ජාත්‍යන්තර සම්මාන දෙකකට පාත්‍ර වූ පුෂ්පා සොයිසා දිවයිනට (ඡායාරූප සහ වීඩියෝ)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වාණිජ මණ්ඩලයෙන් “ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව” ලෙස නම් කර ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකකට පාත්‍ර වූ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය, කාලය මෙන්ම ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බවයි පුෂ්පා රම්‍යා මෙනෙවිය ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් තමන්ට මෙලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වීම විශේෂත්වයක් බව ද ඇය සඳහන් කළා .

ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන අදහස් දක්වමින් පුෂ්පා රම්‍යා ද සොයිසා කියාසිටියේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000ක් අවශ්‍ය වුවද දැනට සිටින්නේ 38,000ක් වැනි ප්‍රමාණයක් බවයි. මේ හේතුවෙන් රෝහල් වෙත පිවිසෙන රෝගීන්ට පූර්ණ හෙද සත්කාරයක් කිරීමට තමන්ට අවකාශයක් නොමැති බව ද ඇය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පමණක් නොව හෙද නිලධාරීන් ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල සේවය සඳහා විශාල වශයෙන් ඇදී ගොස් ඇති බව ද ඇය හෙළි කරනු ලැබුවා.

මීට වසර කීපයකට පෙර එකවර හෙද සේවය සඳහා බඳවා ගත් 5,000ක පිරිස ඉදිරි වසරවලදී විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවයට එකවර 5,000ක පිරිසක් අහිමි වී යාමට නියමිතව ඇති බවයි පුහුණු කිරීමේ හෙද නිලධාරිනිය පෙන්වා දුන්නේ. එබැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවය ද සීඝ්‍ර කඩා වැටීමකට ලක් විය හැකි බව ද ඇය ප්‍රකාශ කළා.

පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද උදෑසන 08.45ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් සහ ඇයගේ සහෝදර හෙද නිලධාරීන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

20230922 093329 scaled
20230922 093333 scaled
20230922 093342 scaled
20230922 093512 scaled
20230922 093625 scaled
20230922 093636 scaled
20230922 093735 scaled
20230922 093738 scaled
20230922 093746 scaled
20230922 093751 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42