උද්ධමනය 62.1%කින් අඩු වෙලා – විදෙස්ගත ලාංකිකයින් එවන මුදල්වල ඉහළ යාමක්

නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

ඩොලර් බිලියන 1.8ක් ව පැවැති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 දක්වා ඉහළ දැමීමට පසුගිය වසරක කාලය තුළ රජයට හැකියාව ලැබුණා. 2022 වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් 361ක් අපි ඩොලරය සඳහා ගෙවනු ලැබුවා. නමුත් මෙම 2023 අගෝස්තු මාසය වන විට රුපියල් 321ක් වැනි මුදලකින් ඩොලරයක් මිලදි ගත හැකියි. මෙය කෘතිමව සිදුකළ පාලනයක් නොවෙයි. ඩොලරයේ ඉල්ලුම – සැපයුම අනුව නිශ්චිතව රුපියලේ අගය පාවීමට ඉඩ හැර මෙම තත්ත්වයට ගෙන ඒමට ලැබීම ආර්ථික වශයෙන් ඉතා වැදගත් බව කිවයුතුයි.

2022 වසරේ 14% ක්ව පැවැති තැන්පතු බැංකු පොලී අනුපාතය මේ වන විට 11% ක් දක්වා අඩුව ඇති අතර, 15.5% ක්ව පැවැති ණය පොලී අනුපාතය මේ වසරේදී 12% දක්වා අඩු කිරීමට සමත්වී තිබෙනවා. පසුගිය වසරේ ප්‍රාථමික ගිණුම් හිඟය රුපියල් බිලියන -247ක්. නමුත් මේ වසර වන විට රුපියල් බිලියන + 27 ක් දක්වා එය වර්ධනය කර ගැනීමට හැකිව තිබෙනවා. මෙය වසර 40කට පසු ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරීමක් බව කිවයුතුයි.

2022 වසරේදී 496,430ක්ව පැවති සංචාරකයන්ගේ පැමිණීම මේ වසරේ පළමු කාර්තු දෙක වන විට 904,318ත් දක්වා වර්ධනය වී තිබෙනවා.

සංචාරක ඉපැයීම 2022 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 832.6 ක් වන අතර, එය මේ වසරේ පළමු කාර්තු දෙක වන විට අමෙරිකානු ඩොලර් මිලියන 1,304.5ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනෙන කරුණක්. එය පසුගිය වසරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගත් විට 56.7%ක් වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ වගේම විදේශයන්හි සිටින ශ්‍රි ලාංකිකයන් පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට එවා තිබූ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් වනවා. එය මෙම වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 3862.7ක් බවට පත්ව තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව ගත්කල 74.4% වර්ධනයක් බව මුදල් අමාත්‍යාංශ දත්ත අනුව පෙනී යනවා.

විනිමය හිඟය නිසා ඛනිජ තෙල් ඉල්ලුම පාලනය කර ගැනීමට 2022 අගෝස්තු 01 වනදා QR කේත ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඉන් සාමාන්‍ය ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති වුණා. QR ක්‍රමවේදය මඳක් ලිහිල් කල 2023 ජූනි මාසයේ දී ඩීසල් පරිභෝජනය 28% දක්වා ඉහල යාමෙන් ද පෙට්‍රල් පරිභෝජනය 83% දක්වා ද වර්ධනය වීම තුළින් ද එය පෙනී යනවා. ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන ඉන්ධන සැපයුම සඳහා පනවා තිබූ QR කේත ක්‍රමය සැප්තැම්බර් 1 සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්නා අවස්ථාවේ පැය 14ක විදුලි කප්පාදුවක් තිබුණා. එය ආර්ථිකයට ඍජුවම බලපාන කරුණක්. මේ වන විට ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිමට වත්මන් ආණ්ඩුවට හැකිව තිබෙනවා.

විදේශ විනිමය හිඟය නිසා 2023 අගෝස්තු 23 වනදා ආනයනික භාණ්ඩ වර්ග 1467ක් සපුරා තහනම් කළා. මේ වන විට එම තහනම ක්‍රියාත්මක වන්නේ භාණ්ඩ 279ට පමණයි. 2020 වසරේදී වාහන ආනයනය නවතා දැමු නමුත් මේ වන විට පොදු ප්‍රවාහනයට අවශ්‍ය බස්රථ හා ට්‍රක් රථ ගෙන්වීමට ද ඉඩ දී තිබෙනවා.

2022 අප්‍රේල් වන විට අප ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්ව තිබුණා. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම වාරිකය ලබාගෙන තිබෙනවා. මෙසේ සමස්තයක් ලෙස ගත්විට පසුගිය වසරට වඩා මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07