කෘතිම බිත්තර ගැන ජනතාවට දැනුම් දීමක්

ව්‍යාජ කෘතිම බිත්තර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය එකක් බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ව්‍යාජ කෘතිම බිත්තර ශ්‍රී ලංකාව තුළ විකිණීමට හෝ බෙදාහැරීමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

එවැනි කෘතිම බිත්තර වෙළඳපොළ තුළ පවතින්නේ ද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරිය සොයා බැලීමක් ද සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ එවැනි බිත්තර වෙළඳපොල තුළ නොමැති අතර එවැනි කෘතිම බිත්තර පිළිබඳ කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් ද ලැබී නොමැති බවයි.

මීට පෙර ද ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව කෘතිම බිත්තර ඇති බවට ගෙන යන මෙවැනි ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසටයි එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම වෙළඳපල තුළ ඇති බිත්තර පරිභෝජනයට බියක් ඇතිකර නොගන්නා ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

එබැවින් එවැනි තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබාදෙන ලෙසටයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

CAA scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11