ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර පවතින සහයෝගීතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළෙහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේ.

ඩයස්පෝරා ප්‍රජාව සමඟ මල්බොරෝ හවුස් සංවාදයේ (Malborough House Dailogue) ප්‍රගතිය පිළිබඳව ද මහලේකම්වරිය මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24