ශරියා විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලාට

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා හමුදාවට පවරා ගත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය එහි නීත්‍යානුකූල හිමිකරුවන්ට නිල වශයෙන් පවරා දී ඇති බව වාර්තා වනවා.

යුද හමුදාව විසින් මඩකලපුව මණ්ඩපය නිල වශයෙන් එම විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හිටපු ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා මහතා වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මෙම විශ්වවිද්‍යාලය ලබාදී ඇති බවයි.

පසුගිය වසර හතරක කාලය තුළ විශ්වවිද්‍යාලය පාලනය කළේ හමුදාව විසින් බව ප්‍රකාශ කළ හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධයක් නොමැති බව පරීක්ෂණවලින් ඔප්පු වීමෙන් පසු එය ආපසු ලබා දුන් බව ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදු කළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබුවා.

මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය රුපියල් කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයක් බවට ප්‍රචලිත වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15