පුපුරන ද්‍රව්‍ය සමග 5ක් අත්අඩංගුවට

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බව සඳහන්.

නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහීදී, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා පිටත්ව යාමට සූදානමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13ක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 41ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, ඔවුන් නඩු භාණ්ඩ ද සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02
Video thumbnail
තුවක්කු පෙන්නලා අර්චුනා කාන්තාවන්ට තර්ජනය කළ හැටි
00:59
Video thumbnail
විදුලි වැට කඩාගෙන වන අලි ගමට කඩා පනින හැටි
01:23
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දීපු මිනිස්සු අද ලැජ්ජා වෙනවා - හරිමගට ගන්න බෑ
06:10