ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්න USAID අඛණ්ඩ සහාය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර් මහත්මිය වෙත සිය ස්තූතිය පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කර තිබෙනවා.

දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවයි.

මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසටයි.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වාදීම තුළින් සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර තිබෙනවා.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා අඛණ්ඩව සහය දක්වන අතරම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ද ලබා දීමට කටයුතු කරන බව සමන්තා පවර් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56