ලිබියාවේ ගං වතුරට බිළි වූ ජීවිත ගණන ඉහළට – ගං වතුරෙන් පසු බෝම්බ බියකුත්

ලිබියාවට බලපෑ දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදහන් වූවන් සෙවීමට අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විපතට පත්වූවන් වෙනුවෙන් ඊජිප්තුව, ජර්මනිය, ඊශ්‍රායලය සහ රුසියාව ඇතුළු රටවල් ගණනාවක් ආධාර එවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගං වතුරෙන් මාර්ග විශාල වශයෙන් විනාශ වීම හේතුවෙන් එම ආධාර බෙදා හැරීමට ද බාධා එල්ල වී ඇති බව සඳහන්.

මෙම ගං වතුර තත්ත්වයත් සමඟ කොළරාව, පාචනය වැනි රෝගී තත්ත්වයන් ද ලිබියාව තුළ පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර,බලපෑ දරුණු ගං වතුර තත්ත්වයේ පසු ලිබියාවට බෝම්බ බියක් ද මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ලිබියාව තුළ වසර ගණනාවක සිට පවතින යුද ගැටුම් හේතුවෙන් වළ දමා තිබූ බෝම්බ ගං වතුර හේතුවෙන් ජලයට ගසාගෙන ගොස් තැනින් තැන විසිරී තිබීම හේතුවෙන් මෙම බිය මතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12