පැළඳ සිටි ශෝල් එකෙන් ඇද දැරියක් අවසන් ගමන් යැවූ හැටි CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පාපැදියකින් ගමන් කරමින් සිටි දැරියක් පැළඳ සිටි දුපට්ටාවෙන් (ශෝල් එක) ඇදීම හේතුවෙන් සිදු වූ අනතුරකින් අදාළ දැරිය අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අම්බෙඩ්කාර් හි පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිසුවිය පසුගිය සිකුරාදා සිය මිතුරිය සමඟ පාපැදියෙන් නිවස බලා යමින් සිටියදී, යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඇය පැළඳ සිටි දුපට්ටාවෙන් (ශෝල් එකෙන්) ඇද තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයගේ සමබරතාවය ගිලිහී ගොස් ඇය ධාවනය කරමින් තිබූ පා පැදිය පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

එම අනතුරින් හිසට බරපතළ තුවාල සිදු වූ සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

අනතුර සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38