අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට ළඟා වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ ඩකා අගනුවරට ළගා වී තිබෙනවා. ඒ සිය දෙදින බංග්ලාදේශ සංචාරය ආරම්භ කරමින්. අග්‍රාමාත්‍යවරයා ඩකා නුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගා වූ අවස්ථාවේ අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බංග්ලාදේශ රජයේ ඉහළ පෙලේ නිලධාරින් විසින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 189 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද උදෑසන බංග්ලාදේශය බලා නික්මුණා. එරට නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජන රජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උළෙලට ද අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව ගිය අවස්ථාවේ ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46