කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර වෙයි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ පසුගිය 15 වනදා සිට මෙම කැණීම් කටයුතු නතර කර ඇති බවයි.

මේ දක්වා කැණීම්වලින් මතුකර ගත් ද්‍රව්‍ය ඇතුලු සාක්ෂි සම්බන්ධයෙන් විශ්ලේෂණය කර මුලතිව් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබා දෙන තීරණ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද මහාචාර්යවරයා සඳහන් කළා.

කැණීම් තුලින් මෙතෙක් මතුකර ගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ඔහු කියාසිටියේ.

දින 9ක පමණ කාලයක් පුරා සිදු කළ කැණීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 57ක පමණ මුදලක් වැයවී ඇති අතර ඉදිරියට කැණීම් සිදු කිරීමට මූල්‍යමය ගැටලුවක් ද පවතින බව සඳහන්.

සමූහ මිනී වළේ කැණීම්වලදී සොයාගත් දෑ පිළිබඳ විධිමත් ලේඛනගත කිරීමක් සහ මූලික පරික්ෂණයක් සිදු කිරීමට කාලය අවශ්‍ය බැවින් සහ මුදල් ගැටලුව ද හේතුවෙන් මෙලෙස කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00