AFC Banner
Empty Ad
Empty Ad

කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර වෙයි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ පසුගිය 15 වනදා සිට මෙම කැණීම් කටයුතු නතර කර ඇති බවයි.

මේ දක්වා කැණීම්වලින් මතුකර ගත් ද්‍රව්‍ය ඇතුලු සාක්ෂි සම්බන්ධයෙන් විශ්ලේෂණය කර මුලතිව් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබා දෙන තීරණ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද මහාචාර්යවරයා සඳහන් කළා.

කැණීම් තුලින් මෙතෙක් මතුකර ගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි ඔහු කියාසිටියේ.

දින 9ක පමණ කාලයක් පුරා සිදු කළ කැණීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 57ක පමණ මුදලක් වැයවී ඇති අතර ඉදිරියට කැණීම් සිදු කිරීමට මූල්‍යමය ගැටලුවක් ද පවතින බව සඳහන්.

සමූහ මිනී වළේ කැණීම්වලදී සොයාගත් දෑ පිළිබඳ විධිමත් ලේඛනගත කිරීමක් සහ මූලික පරික්ෂණයක් සිදු කිරීමට කාලය අවශ්‍ය බැවින් සහ මුදල් ගැටලුව ද හේතුවෙන් මෙලෙස කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?