හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසාට ජාත්‍යන්තර සම්මාන දෙකක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිරිනමන මෝස්ට් පවර්ෆුල් ඇන්ඩ් ඉන්ෆ්ලුවෙන්ෂල් විමෙන් අවෝඩ් සම්මානයෙන් පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා පිදුම් ලබා තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති සම්මාන උලෙළ සදහා දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා විවිධ ක්ෂේත්‍රවල උගතුන් රැසක් එක්ව තිබුණා.

පළමුවරටයි හෙද නිලධාරිණියක් මෙම සම්මානයට පාත්‍ර වී ඇත්තේ.

එමෙන්ම ලන්ඩන් වාණිජ මණ්ඩලය සංවිධාන කළ ග්ලෝබල් අයිකන් අවෝඩ් ජාත්‍යන්තර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා.

ගෝලීය ආර්ථික සංසදයයි එම සම්මාන උළෙල සංවිධාන කළේ.