170 දෙනෙකු සමග පිටියකට ගොඩබැස්වූ මගී ගුවන් යානය

පුද්ගලයන් 170 දෙනෙකු සමඟ රුසියානු මගී ගුවන් යානයක් සයිබීරියාවේ දී පිට්ටනියකට හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

යානයේ රෝද (landing gear) ද සහිතව සිදු කළ මෙම හදිසි ගොඩබෑමක් හමුවේ කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති බවයි බලධාරීන් සඳහන් කළේ.

Ural Airlines සමාගමට අයත් Airbus A320 යානය Sochi හි කළු මුහුදේ නිවාඩු නිකේතන නගරයක සිට නැගෙනහිර සයිබීරියාවේ Omsk දක්වා පියාසර කරමින් සිටියදී කාර්ය මණ්ඩලය හයිඩ්‍රොලික් පද්ධතියේ ගැටලුවක් හඳුනාගෙන තිබෙනවා.

එය අනාවරණ වීමත් සමග නියමුවන් අවසර ඉල්ලා ඇත්තේ දිගු ධාවන පථයක් ඇති Novosibirsk හි Tolmachevo ගුවන්තොටුපළට යානය ගොඩබෑමටයි.

කෙසේවෙතත් එම ගුවන් පථය දක්වා යාමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති බව ගුවන් නියමුවන් පසුව වටහා ගත් අතර ඒ හේතුවෙන් Novosibirsk සිට බටහිර දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පිට්ටනියකට ගොඩබෑමට තීරණය කළ බවයි.

ගුවන් බලධාරීන් පැවසුවේ මෙම ගොඩ බැස්වීමෙන් කිසිවෙකුට හානියක් නොවූ නමුත් මගීන් දෙදෙනෙකුට අධි රුධිර පීඩනය සඳහා වෛද්‍ය ආධාර ලබාදුන් බවයි.

තවත් කිහිප දෙනෙකුට සුළු තැලීම් සඳහා ප්‍රතිකාර කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රුසියාවේ යුක්රේන ප්‍රහාරය හමුවේ බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවේ ගුවන් සේවයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

  1. තෙරැවන්සරනින් කිසිම මගියෙකුට අනතුරක් නොවි ඒමට ලැබිම ගැන ගුවන් නියමුවන්ට ස්තුතියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15