රජයේ ආයතනවල වත්කම් පිළිබඳ දත්ත මාර්ගගත ක්‍රමයට එක්රැස් කිරීමේ ක්‍රමයක්

රජයේ මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සම්බන්ධ ගැටළුව පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය වත්කම් කළමණාකරණ ක්‍රියාවලියෙහි වර්තමාන තත්ත්වය හා ඒ සම්බන්ධව පවතින ගැටළු පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලය පුරාම රජයේ ආයතන කැඳවීමේදී මෙම ගැටළුව නිරීක්ෂණය වූ බැවින් ඒ සඳහා පොදුවේ විසඳුමක් ලබාදීම සඳහා මෙම රැස්වීම කැඳවූ බවයි.

මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ රජයේ මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සම්බන්ධ ගැටළුව දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නක් සහ විගණනය විසින් නිරන්තරයෙන් පෙන්වා දෙනු ලබන්නක් බවයි.

ඒ අනුව මේ වන තෙක් ලබා ඇති මුළු ණය ප්‍රමාණය 2022.12.31 දිනට රුපියල් ට්‍රිලියන 27ක් වන අතර (ගෙවියයුතු ණය ගෙවීමෙන් අනතුරුව) මින් ව්‍යාපෘති සඳහා ගත් ණය ප්‍රමාණයේ ඉතිරිය රුපියල් ට්‍රිලියන 08ක් වනවා. එසේ වුව ද රජයේ මූල්‍ය නොවන වත්කම් ලෙස ප්‍රකාශයේ 2022.12.31 වන විට පෙන්වා ඇත්තේ රුපියල් ට්‍රිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව ද හෙතෙම සඳහන් කළා. මෙයට අමතරව තවත් රුපියල් ට්‍රිලියන 22ක් ප්‍රාග්ධනයේම සෘණ අගයක් ලෙස දක්නට ලැබෙන බවයි විගණකාධිපතිවරයා කියාසිටියේ.

මෙහිදී විගණකාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ඉහත රජයේ මූල්‍ය නොවන වත්කම් ලෙස ප්‍රකාශයේ පෙන්වා ඇති රුපියල් ට්‍රිලියන 02ට වඩා වැඩි ප්‍රමාණයක් එහි අන්තර්ගත විය යුතු බවයි. ව්‍යපෘති සඳහා ලබා ගෙන ඇති මුදල් යොදවා සිදු කරන ලද ව්‍යාපෘති රට තුළ පවතින බව සහ ඒවා ද මේ ප්‍රමාණයට ඇතුළත් වියයුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මේ හේතුවෙන් මහා භාණ්ඩාගර ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් 2023 වර්ෂයේ සිට රජයේ මූල්‍ය ප්‍රකාශන වල උක්ත ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්‍රියාකාරි කමිටුවක් පත්කිරීමට එහිදී එකඟතාවයට පැමිණි බවත් විගණකාධිපතිවරයා කමිටුවට පෙන්වා දී තිබෙනවා.

මෙහිදී මතු කරන ලද තවත් ගැටළුවක් වූයේ රජයේ වත්කමක් ගණනය කිරීමේදී සලකනු ලබන්නේ ඒ සඳහා කරන ලද මූල්‍ය ආයෝජනයේ වටිනාකමද නැතහොත් සම්පූර්ණ ව්‍යාපෘතියේ වටිනාකමද යන්නයි. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණය රජය විසින් ගතයුතු බවයි. මෙහිදි විගණකාධිපතිවරයා සඳහන් කලේ ඒ ඒ ව්‍යාපෘති වෙනුවෙන් සකසන ලද මූල්‍ය ප්‍රකාශන වල මේ වටිනාකම් සඳහන්ව ඇති බවත් සමස්තයක් ලෙස මුළු රටෙහි බැරකම් සඳහන් වුව ද වත්කම් නිවැරදිව සඳහන් වීමේ ගැටළුවක් පවතින බවයි.

රටේ වත්කම් සහ බැරකම් එකට ප්‍රකාශ කෙරෙන ක්‍රමයක් සැකසිය යුතු බව මෙහිදි සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදි අදහස් දැක්වූ නිලධාරින් සඳහන් කළේ රජයේ ගිණුම යටතේ වත්කම් සඳහන් නොවුනද අදාළ ආයතනවල ගිණුමවල පෙර කී වත්කම් සඳහන් වන බවයි. නමුත් ඒවා රජයේ ගිණුම යටතට ගැනීම සඳහා දැනටමත් විගණකාධිපතිවරයා සමග කටයුතු කරන බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. රජය විසින් ගිණුම් සකස් කරනු ලබන්නේ මූල්‍ය පදනම මත බවත් අනෙක් ආයතන ගිණුම් සකස් කරනු ලබන්නේ උපචිත පදනම මත බවත් මේ ක්‍රම දෙක වඩා හොඳින් ගිණුම්වල ප්‍රකාශ කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවද නිලධාරින් සඳහන් කළා. මේ නිසා රාජ්‍ය වත්කම් සහ බැරකම් එකම රාමුවක් යටතට ගැනිම සඳහා ක්‍රමවේද සකස් කෙරෙමින් පවතින බවත් ඒ සඳහා මාර්ගත ක්‍රමයට දත්ත එක්රැස් කිරීමේ ක්‍රමයක් ද ආරම්භ කොට ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙහිදී සභාපතිවරයා කියාසිටියේ උක්ත කරුණ සඳහා සකස් කරනු ලබන එකම ක්‍රවේදයට සියළුම ආයතන ඇතුළත් විය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35