චැනල්-4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා යි පත් කර ඇත්තේ.

පසුගියදා වීඩියෝවක් ‘චැනල් 4’ වීඩියෝ පටය නිකුත් වීමෙන් පසු කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා.

“නිදහස්, අපක්ෂපාතී, සාධාරණ, විනිවිද පෙනෙන සහ පුළුල්” පරීක්ෂණයක අවශ්‍යතාවය කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළ අතර එය ස්වාධීන ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් පැවැත්විය යුතු බවයි උන්වහන්සේ ඔහු අවධාරනය කළේ.

2019 නොවැම්බරයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිතාමතාම සිදු කර ඇති බවට චැනල් 4 වීඩියෝ පටයේ ප්‍රධාන චෝදනාවක්.

චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ Chanel 4 හි නවතම චිත්‍රපටය බොහෝ දුරට 2005 සිට ක්‍රියාත්මක රාජපක්ෂවරුන් ඉලක්ක කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි.

එය එම නාලිකාව විසින්ම විකාශනය කරන ලද පෙර චිත්‍රපට මෙන්ම අසත්‍ය චෝදනා ගොන්නක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

තමා ජනාධිපති කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කළ බවට ප්‍රකාශ කිරීම විහිළු සහගත බව ඔහු සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15