AFC Banner
Empty Ad
Empty Ad

චැනල්-4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා යි පත් කර ඇත්තේ.

පසුගියදා වීඩියෝවක් ‘චැනල් 4’ වීඩියෝ පටය නිකුත් වීමෙන් පසු කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා.

“නිදහස්, අපක්ෂපාතී, සාධාරණ, විනිවිද පෙනෙන සහ පුළුල්” පරීක්ෂණයක අවශ්‍යතාවය කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළ අතර එය ස්වාධීන ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් පැවැත්විය යුතු බවයි උන්වහන්සේ ඔහු අවධාරනය කළේ.

2019 නොවැම්බරයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිතාමතාම සිදු කර ඇති බවට චැනල් 4 වීඩියෝ පටයේ ප්‍රධාන චෝදනාවක්.

චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ Chanel 4 හි නවතම චිත්‍රපටය බොහෝ දුරට 2005 සිට ක්‍රියාත්මක රාජපක්ෂවරුන් ඉලක්ක කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි.

එය එම නාලිකාව විසින්ම විකාශනය කරන ලද පෙර චිත්‍රපට මෙන්ම අසත්‍ය චෝදනා ගොන්නක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

තමා ජනාධිපති කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කළ බවට ප්‍රකාශ කිරීම විහිළු සහගත බව ඔහු සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?