AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?