2027 මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් වෙයි

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති අවන්හල් සියල්ල 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පවසනවා.

කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේයි මෙම අවහ්නල් පවත්වාගෙන යනු ලබන්නේ.

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිරීමට නියමිත 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සළකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කමිටුව විසින් වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසර දීමට අදාළ බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මතද යන්න සහ 2027 වර්ෂය වන විට ඒවා ඉවත් කිරීමේ නෛතිකභාවය පිළිබඳවද කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩිදුරටත් විමසා තිබෙනවා. එමෙන්ම කමිටුව මෙහිදී කොමිසමේ සාමාජිකයින්ගෙන් විමසා සිටියේ මෙම අවසර ලබාදීම සහ ඉවත්කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇත්දැයි යන්නයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

වරාය නගරයේ සිදුකෙරෙන කටයුතුවලින් රජයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව කමිටුව වැඩිදුරටත් විමසනු ලැබුවා.

ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සඳහා අනුමැතිය ලබා දීමට පෙර වරාය නගරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳ දත්ත සමග විස්තර ඉදිරිපත් කරන ලෙසටයි කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

ස්මා(ර්)ට් සිටි සංකල්පය යටතේ වෙනම භුමි ප්‍රදේශයක් ලෙස වරාය නගරය ඉදිකෙරෙන බැවින් අපජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය, විධිමත් මලාපවහන යාන්ත්‍රණයන් වැනි ස්මා(ර්)ට් නගර ඉදිකිරීමේදී භාවිතාවන සංකල්ප මත මෙම නගරයේ සංවර්ධන කටයුතු සිදුවනවාදැයි කමිටුව,කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළා. වරාය නගරය සංවර්ධනය කිරීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල පවතින අවිධිමත් මලාපවහන සහ අපජල කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු මගහරවා ගත යුතු බවයි කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවේ.

වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බවද මෙහිදී අනාවරණය වුණා. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කළා.

ඒ අනුව, වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩකටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?