තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොටට

ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගනිමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදාගනිමින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

පළමු ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය හා සැකසුම් මධ්‍යස්ථානය රාජංගනයේ ස්ථාපිත කර ඇති අතර දෙවන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ස්ථාපිත කෙරුණේ යාපනය ප්‍රදේශයේයි.

රාජාංගනයේ අක්කර 800ක හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබෙනවා.

තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදාගනිමින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ පසු අස්වනු තාක්ෂණික ආයතනය විසින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 65ක්.

මෙම සැකසුම් මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ සියල්ලම දේශීය වශයෙන් නිපදවන ලද ආයතනයකින් මිල දී ගැනීමට නියමිතයි.

මේ වනවිට මෙරට ඇඹුල් කෙසෙල්වලට අමතරව, වට්ටක්කා, මඤ්ඤොක්කා සහ තවත් එළවළු වර්ග කිහිපයක් අපනයනය සඳහා ඩුබායි හි අපනයන ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව තිබෙනවා.

රටවල් ගණනාවකින් රටේ එළවළු හා පලතුරු සඳහා ඇණවුම් ලැබී ඇති බැවින් මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය තුළ ගොවීන් 800 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන්ට කෙසෙල් වැවීම සඳහා වන අධි ඝනත්ව වගා ක්‍රමය, තාක්ෂණය හා තාක්ෂණික උපකරණ, වගාවේ අස්වැන්න මිල දී ගැනීම සඳහා ව්‍යාපාරික අවස්ථා සියල්ලම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ උපදේශකත්වයෙන් ලබා දීමට නියමිතයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපේ රටේ ගොවිතැන ලාභදායී වීමට නම් ඉල්ලුමක් ඇති කෘෂි නිෂ්පාදන වගා කිරීමට ගොවීන් පෙළඹවිය යුතුයි. ඒ සඳහා කෘෂි අංශ විසින් පියවර ගත යුතුයි. බොහෝ ගොවීන් පහසු වගාවන් සඳහා යොමුවන නිසා නිසි අස්වැන්නක් මෙන්ම ආදායමක් ද ලැබෙන්නේ නැහැ. ඒ වගේම අස්වනු සඳහා වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් ද නැහැ. ගොවිතැනින් හැමදාමත් පාඩුයි කියන්නේ ඒ නිසයි. නමුත් ලෝකය ඉල්ලන බොහෝ දේවල් අපිට අපේ රටේම වගා කළ හැකියි. මින් පෙර ඇඹුල් කෙසෙල් සඳහා ඉහළ ඉල්ලුමක් තිබුනේ නැහැ. නමුත් දැන් රටවල් ගණනාවක් ඇඹුල් කෙසෙල් අපෙන් ඉල්ලනවා. නමුත් අපිට අපනයනය කළ හැක්කේ අපි ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වගා කළොත් පමණයි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ අති නවීන තාක්ෂණය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙනවා. හැම සෙනසුරාදා දවසකම අපේ ඇඹුල් කෙසෙල් කන්ටේනරයක් බැගින් ඩුබායි වෙළෙඳපොලට යවනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29