පනත් කෙටුම්පත් දෙකක් කතානායක සහතික කරයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (14) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම සිදු වූයේ පසුගිය ජූලි මස 20 වනදායි.

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම පසුගිය ජූලි 21 වනදා සිදු කෙරුණා.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34