යතුරුපැදියක් සහ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී 4ක් රෝහලට (වීඩියෝ)

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

අද (13) රාත්‍රි 8.30ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සහ යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයෙකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ අතර මේ වනවිට මාර්ගයේ එක් මංත්‍රීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර තැබීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10