SVAT ක්‍රියාත්මක වීම කල් යයි

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) 2024. 01. 01 දින සිට අහෝසි කිරීම ඇතුලුව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ශක්තිමත් ක්‍රමවේදයක් නොමැතිව සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කළ හොත් දැනට එම ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට විශේෂයෙන් අපනයනකරුවන්ට බරපතල මුදල් ප්‍රවාහ ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය හැකි බවට අදාළ පාර්ශවයන් විසින් නියෝජනයන් ඉදිරිපත් කර තිබෙනවා.

එබැවින් ශක්තිමත් බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධි විධාන ක්‍රියාත්මක වන දිනය 2025. 04. 01 ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසිනුයි යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25