අන්තර්ජාල ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොමැති බව හෙළිවෙයි

ශ්‍රි ලංකාව තුල අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කලයුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ, මධුර විතානගේ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී ව්‍යාපාර ලියාපදිංචි කටයුතු සිදුකිරීමේ ක්‍රියාවලිය තුල මතුව ඇති ගැටලු හා එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ජා වී තිබෙනවා.

රාජ්‍ය සේවකයින් තුල ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීම ඔස්සේ වඩා ඵලදායී සේවයක් ලබා ගත හැකි බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම රාජ්‍ය සේවකයින් දිවයින පුරා ක්‍රමවත්ව හා සාධාරණ අයුරින් ස්ථාන ගතකිරීමේ වැදගත්කමද සාකච්ජා වුණා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය තුල ක්‍රමවේදයේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් ඉන් ලබාදෙන සේවාවන්වල කාර්යක්ෂමතාව පිළිබඳව ගැටලු මතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

පැමිණ සිටි නිලධාරීන් කමිටුව හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට පළාත් 9ම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතනවල නිලධාරීන් එකම ක්‍රමවේදයකට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එහිදී එම ආයතන සඳහා මාර්ගෝපදේශ ලබාදීම අත්‍යාවශ්‍ය බවත් ඒ ඔස්සේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම වීමෙන් ජනතාවට ඉහළ ගුණාත්මක හා මිත්‍රශීලි සේවයක් දිය හැකි බව එම නිලධාරීන්ගේ මතය වී තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලටම උපලේඛනයක් වශයෙන් හෝ ඒ ඒ අමාත්‍යාංශයන් නම් කරන්නේනම් ඉන් දිගුකාලීන,නොවෙනස්වන තීරණ ගැනීමට හැකිවන බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. එමෙන්ම බහුකාර්ය හැකියාවන් සහිත රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී සාකච්ජා වුණා.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැයක් තුල අවසන් කරන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දියයුතු බවයි. ඒ අනුව ලංකාවේ සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේ සාධාරණ නොවන අයුරින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ගතයුතු ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුල පවතිනවාද යන්නයි. එහිදී බලධාරීන් පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ අල්ලස් හා දුෂණ විරෝධී පනත යටතේ හෝ ආයතන සංග්‍රහයේ විනය ක්‍රියාමාර්ග මගින් ඒ සඳහා කටයුතු කළහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44