ආර්ථික අර්බුධයෙන් පීඩාවට පත්වූවන්ට රුසියාවෙන් sunflower oil

ලෝක ආහාර වැඩසටහනට (WFP) දක්වන දායකත්වයේ කොටසක් ලෙස රුසියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සූරියකාන්ත තෙල් (sunflower oil) තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සූරියකාන්ත තෙල් ටොන් 352ක් පමණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ..

මෙම පරිත්‍යාගය සනිටුහන් කිරීමේ උත්සවයට එක්වෙමින් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් (Levan Dzhagaryan) පැවසුවේ මෙය රුසියානු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනයේ සැබෑ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරන බවයි.

රුසියානු විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම බව තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රුසියානු සමූහාණ්ඩුව කිසි විටෙකත් පසෙකට වී නොමැති අතර තම රට මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවද මිත්‍ර රාජ්‍යයන්ට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි ඔහු කියාසිටියේ.

මෙම සූරියකාන්ත තෙල් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතයන් හරහා ආර්ථික අර්බුදයෙන් විපතට පත් වූවන් සඳහා හදිසි මෙහෙයුමක් ලෙසට බෙදා හැරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49