ලෝක කුසලානයට එන ‘බ්ලැක් කැප්ස්’ සංචිතය නම්කෙරේ (වීඩියෝ)

ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වනවිට නම්කර ඇති බව වාර්තා වනවා.

මෙම සංචිතය සඳහා මාස ගණනාවකට පසු කෙන් විලියම්සන් කැඳවා ඇති අතර, සංචිතයේ නායකත්වය ද ඔහුට හිමිව තිබෙනවා.

නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ දී ආබාධයකට ලක් වූ විලියම්සන්ට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

මේ අතර විලියම්සන් සමඟ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ද ඔවුන්ගේ සිව්වන ලෝක කුසලානය සඳහා පෙනී සිටීමට නවසීලන්ත සංචිතයට නම්කර තිබෙනවා.

මේ අතර සංචිතයේ එකම කඩුලු රකින්නා ලෙස ටොම් ලේතම් තෝරා ගැනීමත් සමඟ, තරුණ මුල්පෙළ පිතිකරු ෆින් ඇලන්ට හෝ පසුපෙළ පිතිකරුවෙකු හා කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆර්ට සංචිතයේ ඉඩක් වෙන් නොවීම විශේෂත්වයක්.

එමෙන්ම පසුගියදා නවසීලන්ත එංගලන්ත සංචාරයේ දී මස්පිඬු ආබාධයකට ලක්වූ ඇඩම් මිල්න්ටද මෙම සංචිතයේ ස්ථානයක් අහිමිව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය අරඹමින් නවසීලන්තය, එංගලන්තය සමඟ ඔක්තෝම්බර් 05 වනදා තරග බිමට පිවිසීමට නියමිතයි.

නවසීලන්ත සංචිතය,

කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිච් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති, විල් යන්ග්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42