කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඉදිකළ මහල් නිවාස සංකීර්ණය එම විශ්වවිද්‍යාලය වෙත භාරදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එම නිවාස සංකීර්ණය නිවාස 144කින් සමන්විතයි.
නාරහේන්පිට කාලිංග මාවතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකළේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනුයි.
මෙම නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලය වෙත භාරදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිසු සිසුවියන් 800කට පමණ මෙහි නේවාසිකාගාර පහසුකම් සලසාගත හැකි අතර වර්ග අඩි 450කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර 2කින් සමන්විතයි.
මෙම නේවාසික නිවාස ඒකක කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ නිදහස් දීමනාවක් යටතේයි.















