අම්බලන්තොටදී බස් රථයක ගිය කාන්තාවට වෙඩි තැබූ දෙදෙනෙක් අල්ලයි

අම්බලන්තොට ප්‍රදේශයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශණයකට අනුවයි හම්බන්තොට තැලවිල්ල ප්‍රදේශයේදී ඊයේ දහවල් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා විමර්ශන සඳහා අම්බලන්තොට පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

අවුරුදු 21 සහ 31 වයස්වල පසුවන ඔවුන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට යොදාගත් බෝර 12 ගිනි අවිය සහ අපරාධයට පැමිණි යතුරුපැදිය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදුවී තිබුණේ බස් රථයක් තුලදීයි.

තුවාල ලැබූ කාන්තාව උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඇය පසුගිය ජුලි මස 19 වනදා කොග්ගල ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රොෂාන් නැමති සැකකරුගේ මව බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි වැදුණු කාන්තාව නඩුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඇය අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවුණා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47