සුපිරි හතර වටයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ අද තරගයට වර්ෂාවෙන් බාධා ?

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ දෙවන තරගය අද (09) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන අතර තරගය අද (08) පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර මෙම තරගය සඳහා එක්වන කණ්ඩායම නම් කිරීම අද දිනයේ තණ තීරුව පරීක්ෂා කිරීමෙන් පසු සිදුකරන බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

තරගයට පෙර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අද තරගය සඳහා ද බොහෝ දුරට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද දිනය තුළ කඩින් කඩ වැසි ඇති වීමේ හැකියාව පවතින නමුත් තද වැසි ඇති වෙතැයි අපේක්ෂා නොකරන බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

මේ අතර හෙට (10) දිනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථානය තරගය සඳහා අමතර දිනයක් ලෙස අනිද්දා (11) දිනය වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

හෙට තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් එල්ල වුවහොත් එම තරගය අනිද්දා දිනයේ පැවැත්වීමට ඒ අනුව සැලසුම්කර ඇති බවයි වාර්තා වුණේ.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42