අවුරුදු 01යි මාස 11ක් වයස දරුවාගේ දේහය වළ දැමූ ස්ථානයෙන් අතුරුදන් (ඡායාරූප)

වවුනියාව,නෙළුක්කුලම ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් පසුගිය 25 වනදා ජීවිතක්ෂයට පත් වූ දරුවෙකුගේ භූමදානය කළ මළ සිරුර මේ වනවිට අතුරුදන්ව ඇති බව දරුවාගේ මව පවසනවා.

අදාළ මව පවසන්නේ තම දරුවාගේ සිරුර වළ දමා තිබූ ස්ථානයෙන් මේ වනවිට අතුරුදහන්ව ඇති බවයි.

අවුරුදු එකයි මාස 11ක් වයසැති දරුවා පසුගිය 25 වනදා නිවස ආසන්නයේ වූ ජල ටැංකියකට වැටී ජීවිතක්ෂයට ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබුණා.

අනතුරුව මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය රාසේන්ද්‍රකුලම පොදු සුසාන භූමියේ භූමදාන කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තම දරුවා භූමදානය කළ ස්ථානය බැලීමට පසුගිය දා සුසාන භූමියට ගිය අවස්ථාවේ දී මවට, දරුවා භූමදානය කළ වළ හරා ඇති බවත් ඒ තුළ දරුවාගේ මෘත දේහය නොමැති බවත් දැකගන්නට ලැබී තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් මව විසින් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
13
+1
0
+1
7
+1
25
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21