පයිනස් දැව අපනයනයට ඇති හැකියාව ගැන සොයා බලන්න උපදෙස්

පයිනස් දැව ආනයනය සීමා කර දැනටමත් මෙරට වගා කර ඇති වසර 18 කට ප්‍රමාණවත් පරිදි පවතින පයිනස් දැව භාවිතයට ගැනීම හා අපනයනයට ඇති හැකියාව සොයා බැලීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාණිජව වගා කරන ලද පයිනස්, දැව ලෙස භාවිතයට ගැනීම සහ අපනයනය කිරීම පිළිබඳ පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ජා කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳව අවධානය යොමු කෙරුණේ.

මෙරට පයිනස් වගාවෙන් දැව සඳහා භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින පයිනස් ගස් හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවල ද හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවල ද පවතින බව කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

දළ වශයෙන් වසර 18 කට පමණ අවශ්‍ය පයිනස් දැව මෙරට ඇති බවයි කාරක සභාවේ දී සඳහන් වූයේ.

භාවිතා කළ හැකි තත්ත්වයේ පයිනස් දැව මෙරට තිබෙන පසුබිමක විශාල විදේශ විනිමයක් වැය කර පයිනස් දැව ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විමසීමක් කළා.

ආනයනය කරනු ලබන දැවවල පවතින ඉහළ ප්‍රමිතිය සහ ආනයනය කිරීමේදී අයකරන බදු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ඒ සඳහා ඉහල ඉල්ලුමක් පවතින බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ.

එමෙන්ම දේශීය පයිනස් දැව ඒවායේ පවතින ගැට හේතුවෙන් ගුණාත්මක බවින් අඩුවීම නිසා අඩු ඉල්ලුමක් පවතින බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එසේම, දේශීය පයිනස් දැව ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් භාවිතා කරන නමුත්, ආනයනය කරනු ලබන පයිනස් දැව සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ද යොදා ගන්නා බවයි නිලධාරීන් කියාසිටියේ.

එමෙන්ම දේශීය පයිනස් දැව සම්බන්ධයෙන් මහජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බැවින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් කටයුතු සඳහා දේශීය පයිනස් දැව භාවිතය දිරිමත් කිරීමට පියවර ගත යුතු බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව, ආනයනික පයිනස් දැව සඳහා වන පිරිවැය සහ දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි රාජ්‍ය දැව සංස්ථාවට කාරක සභාව දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12