ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.
අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (05) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක්වූවෙක් බව පැවසෙනවා.














He should be placed behind bars for his own safety and that of others. Sooner the b
etter. Thanks for this startling news.