84 දෙනෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ නිකුත් කෙරුණා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 263,933ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් අපේක්ෂකයින් 84 දෙනෙකුගේ විභාගයේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර 2022 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 71.7%කට සරසවි වරම් හිමිව තිබෙනවා.

මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථමයින් තිදෙනෙක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවීම විශේෂත්වයින්.

ඒ, අනුව භෞතික විද්‍යා අංශය, ජෛවය තාක්ෂණ අංශය සහ වානිජ අංශයේ දිවයිනේ ප්‍රථමයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?