සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයෙන් සිය කීර්තියට හානි සිදුවූ බවට සුරේෂ් සලේ සාක්ෂි දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබිය දී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා විසින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අද කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

එම අවස්ථාවේදී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියා.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින “සූම් තාක්ෂනය” ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක දී සිරිල් ගාමිණී පියතුමා සිදුකළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුරේෂ් සලේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බව සඳහන් කළා.

විත්තිකරු විසින් සිදුකළ මෙම ප්‍රකාශය නිසා තමන්ටත් තම දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වූ බව සඳහන් කළ සාක්ෂිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙද් දී මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හරහා වැරදි සමාජ මතයක් නිර්මාණය වීමට හේතු වන බවත් සඳහන් කළා.

විත්තිකරු විසින් සිදුකළ මෙම ප්‍රකාශය නිසා තමා දැඩි පීඩනයකට හසු වූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 25 වනදා තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46