AFC Banner
Empty Ad
Empty Ad

ටැන්සානියාවේ ජනපති දිවියෙන් සමු ගනී

ටැන්සානයාවේ ජනාධිපති John Magufuli මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උපජනාධිපතිවරයා විසිනි. සති දෙකක කාලයක සිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධයේ පෙනී නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි බවට විරුද්ධ පක්ෂ දේශපාලනඥයින් පැවසුව ද ඒ පිළිබඳව මෙතෙක් සනාථ වී නොමැත. ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?