තමා ජනපති ධුරයට පත්වූයේ නම් සිදු කරන දේ විපක්ෂ නායක කියයි

අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කර නොමැති අවස්ථාවක එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි අතර වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හදුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීම බව ද ඔහු පෙන්වා දෙනවා.

එහෙත් අස්වැසුම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ එවැනි විධිමත් සමික්ෂණයකින් නොවන අතර වැඩසටහන සිදු කරන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරනු ලබන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බව විපක්ෂ නායකවරයා කියාසිටියා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති අතර මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රා ශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විපක්ෂ නායකවරයා චෝදනා කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දීමට එම සමීක්ෂණය සිදු කළ කණ්ඩායම පැමිණි අවස්ථාවේ දීයි ඔහු මෙම අදහස් පළ කළේ.

දරිද්‍රතාවයට විසඳුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුව ද ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිළිගත් අතර රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19