තමා ජනපති ධුරයට පත්වූයේ නම් සිදු කරන දේ විපක්ෂ නායක කියයි

අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කර නොමැති අවස්ථාවක එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි අතර වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හදුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීම බව ද ඔහු පෙන්වා දෙනවා.

එහෙත් අස්වැසුම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ එවැනි විධිමත් සමික්ෂණයකින් නොවන අතර වැඩසටහන සිදු කරන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරනු ලබන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බව විපක්ෂ නායකවරයා කියාසිටියා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති අතර මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රා ශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විපක්ෂ නායකවරයා චෝදනා කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දීමට එම සමීක්ෂණය සිදු කළ කණ්ඩායම පැමිණි අවස්ථාවේ දීයි ඔහු මෙම අදහස් පළ කළේ.

දරිද්‍රතාවයට විසඳුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුව ද ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිළිගත් අතර රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16