AFC Banner
Empty Ad
Empty Ad

කරාටේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටු වීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත් හිටවා ඒ සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් අදාළ සම්මේලනය විසින් කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පැනවූ තහනමෙන් පසුව පත් කළ අතුරු කමිටුව පිළිගැනීම ජාත්‍යන්තර කරාටේ සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.

එම නිසා මෙම පෙත්සම කඩිනමින් සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?