වගාහානි අක්කර 59,073.98ක් දක්වා ඉහළට

දැනට පැසිපික් සාගරයේ පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙරටට බලපා ඇති නියඟය තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

එළැඹෙන මහ කන්නයේ ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමට පෙර ගොවිතැන් කටයුතු ඇරඹීම සඳහා ඇළ වේලි සුද්ද කිරීම, නියරවල් හෙළි පෙහෙළි කිරීම මෙන්ම මාස් මෝසමට පෙර ඇද හැලෙන සංවහන වැසි යොදා ගනිමින් මුළික බිම් සැකසුම් කටයුතු වැනි මුලික කටයුතු ආරම්භ කිරීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ.

විශේෂඥ අදහස් අනුව මෙවර මහ කන්නයේ දී විශේෂයෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් ලැබීමට බොහෝ ඉඩකඩ පවතිනවා.

එහෙත් ලබන වසරේ ජනවාරි සිට නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් හැකි තරම් ජලය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

මේ අතර ඊයේ (30) දිනය වනවිට වාර්තා වී ඇති වී හා අතිරේක බෝග වගා හානි කුඹුරු අක්කර ප්‍රමාණය 59,073.98ක් දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 54,152ක් බවට හෙළිවී තිබෙනවා.

ඊයේ දිනය වනවිට ද වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වනවා. අක්කර ප්‍රමාණය 26,195.90ක් වන අතර ගොවීන් ප්‍රමාණය 31,427ක්.

දෙවන ස්ථානයට වැඩිම හානි වාර්තා වන්නේ උඩවලව කළාපයෙන්. ඒ අනුව හානි වූ අක්කර ප්‍රමාණය 14,667.50ක් වන අතර පිඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 5,867ක් බව සඳහන්.

මේ අතර දැනට සිදුව තිබෙන වගා හානි සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විෂය පථය යටතේ වැවිලි බෝග සඳහා (කුරුදු, රබර්, ‌තේ, ගම්මිරිස් හා පොල් වැනි) වන්දි ලබා දීමේ හැකියාවක් හෝ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එම වගකීම ඇත්තේ වෙනත් අමාත්‍යාංශයකට බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි වන්දි ලබා දීම සිදු කළ හැක්කේ බෝගවර්ග හයක් (06)ක් සඳහා පමණයි.

වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, බී ලූණු, හා සෝයා බෝංචි එම බෝග වර්ග 6යි. සාමාන්‍ය රක්ෂණ ක්‍රමය යටතේ මෙම බෝග හය සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙනවා.

මෙම මුදල රජය විසින් වාරික මුදලකින් තොරව නොමිලයේ ලබා දෙන වන්දි මුදලක්.

මීට අමතරව ගොවින් විසින් කන්නයකට මෙම බෝග සඳහා රුපියල් 6400ක වාරිකයක් ගෙවීම මගින් වගා හානියක දී අක්කරයකට රුපියල් ලක්ෂයක් බැගින් හෙක්ටයාර් එකක් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙළක් මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ආරම්භ කර තිබෙනවා.

මෙවර යල කන්නයේ වී වගාවට සිදුවී ඇති හානිය සුවිශේෂිත බැවින් ඊට වඩා වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

දැනට සිදු කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම සමස්ත වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම අදාළ වගා හානි වන්දි ලබා දීම සිදු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38