ශ්‍රී ලංකා ආසියානු කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්‍රීඩා තරගාවලියට

නේපාලයේ පැවැත්වෙන 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වුහ.

මෙම තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර (01) දින සිට (07) දින දක්වා පැවැත්වීමට නියමිතය .

මේ සදහා සහභාගී වීමට ක්‍රීඩකයින් 06 දෙනෙකු , ක්‍රීඩිකාවන් 04 දෙනෙකු සහ එක් නිලධාරීවරයෙකු ද එක් වී සිටියහ .

මෙම පිරිස (31) දින අලුයම 03.00 ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වුණා .