දුම්රියෙන් එන බැතිමතුන්ට අටමස්ථානය දක්වා යන්න නව බස්රථ සේවාවක්

අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමන පහසුව සඳහා නව බස්රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය ආරම්භ කෙරුණේ අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථාන විහාරාධිකාරී නායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

අටමස්ථානයට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගත් දුම්රිය – බස්රථ ඒකාබද්ධ සේවාව ලෙස මෙය නම්කර තිබෙනවා.

ඒ අනුව දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දක්වා රුපියල් 50ක මුදලක් ගෙවා මෙම සේවාව ලබාගත හැකියි.

අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන සෑම දුම්රිය වාරයකින් පසුවම මෙම බස්රථය උඩමළුව දක්වා ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බස් සේවය ක්‍රියාත්මක වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළ සහ පොහොය දිනවල දී පමණයි.

අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් සේවාව ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරුණේ.

විශේෂයෙන් පොහෝ දින සහ සති අන්තවල අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින්ට අවම මුදලකට අවහිරයකින් තොරව දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝ මළුව දක්වා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවතුණා.

ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයන ඇතැම් පිරිස් වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට හිරිහැර වන ආකාරයෙන්, දරා ගැනීමට නොහැකි තරම් අධික මුදලක් අයකරමින් බලහත්කාරයෙන් සිය වාහනවලට නංවා ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කලක් තිස්සේ ක්‍රියාත්මක වන බව අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුවයි ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගනිමින් නිකිණි පොහෝ දින සිට නව බස් රථ සේවයක් ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණේ.

රුපියල් 50ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙම බස් රථ සේවය ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට හිමි වනවා.

දුම්රිය බස්රථ ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයකට අනුව දිනකට ගමන් වාර 15ක්‌ බස් රථය ධාවනය කිරීමට නියමිතයි.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට සඳහිරු සෑය, ඉසුරුමුණිය, අභයගිරිය, සමාධි පිළිමය, ජේතවනාරාමය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය යන සියලු සිද්ධස්ථාන ආවරණය වන ආකාරයට ” බෝ සමිඳු වන්දනා” බස් රථයේ ගමන් මාර්ගය සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37
Video thumbnail
DVගේ කතාව මැද චාමර සම්පත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටිය හැටි
07:21
Video thumbnail
කාන්තාවෝ ඇවිත් ජනපති අනුරට දෙයි රිදෙන්නම - ඒකටත් බදු ගහනවනම් අශිෂ්ටත්වයේ සංකේතයක්
05:20
Video thumbnail
අර්චුනා.. ඔයාට දඬුවම් කරනවා - මූලාසනයෙන් හොඳටම අහගනී
01:19
Video thumbnail
මම මෙතනට ආවේ මගේ තාත්තා නිසා.. ඒ අහිමිවීමට කවුරු හරි දායක වුණානම් ඒ හත්මුතු පරම්පරාවටම ශාප වෙනවා..
00:44