AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියෙන් එන බැතිමතුන්ට අටමස්ථානය දක්වා යන්න නව බස්රථ සේවාවක්

අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමන පහසුව සඳහා නව බස්රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එය ආරම්භ කෙරුණේ අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථාන විහාරාධිකාරී නායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

අටමස්ථානයට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගත් දුම්රිය – බස්රථ ඒකාබද්ධ සේවාව ලෙස මෙය නම්කර තිබෙනවා.

ඒ අනුව දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දක්වා රුපියල් 50ක මුදලක් ගෙවා මෙම සේවාව ලබාගත හැකියි.

අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන සෑම දුම්රිය වාරයකින් පසුවම මෙම බස්රථය උඩමළුව දක්වා ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බස් සේවය ක්‍රියාත්මක වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළ සහ පොහොය දිනවල දී පමණයි.

අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් සේවාව ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරුණේ.

විශේෂයෙන් පොහෝ දින සහ සති අන්තවල අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින්ට අවම මුදලකට අවහිරයකින් තොරව දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝ මළුව දක්වා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවතුණා.

ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයන ඇතැම් පිරිස් වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට හිරිහැර වන ආකාරයෙන්, දරා ගැනීමට නොහැකි තරම් අධික මුදලක් අයකරමින් බලහත්කාරයෙන් සිය වාහනවලට නංවා ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කලක් තිස්සේ ක්‍රියාත්මක වන බව අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුවයි ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගනිමින් නිකිණි පොහෝ දින සිට නව බස් රථ සේවයක් ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණේ.

රුපියල් 50ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙම බස් රථ සේවය ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට හිමි වනවා.

දුම්රිය බස්රථ ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයකට අනුව දිනකට ගමන් වාර 15ක්‌ බස් රථය ධාවනය කිරීමට නියමිතයි.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට සඳහිරු සෑය, ඉසුරුමුණිය, අභයගිරිය, සමාධි පිළිමය, ජේතවනාරාමය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය යන සියලු සිද්ධස්ථාන ආවරණය වන ආකාරයට ” බෝ සමිඳු වන්දනා” බස් රථයේ ගමන් මාර්ගය සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36
Video thumbnail
ඡන්දෙ දීපු අයම අනුර ගැන කනස්සල්ලෙන් - "ඡන්දෙ දුන්නු අයනම් දැන් හොයා ගන්නවත් නෑ"
03:02
Video thumbnail
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම හමු වූ අගමැතිනිය
01:18
Video thumbnail
රන්ජන් එක්ක එකතු වුණු හේතුව මාධ්‍ය‍යට කියූ ඩිල්ෂාන්
02:52
Video thumbnail
විජිත ගම්මන්පිලට දින 03ක් දෙයි
01:51
Video thumbnail
වන අලි උවදුරෙන් බැටකන ගොවි ජනතාව
06:46

?