AFC Banner
Empty Ad
Empty Ad

වීසා ක්‍රමවේදය සමාලෝචනය කරන්න කැබිනට් අනුමැතිය

වැඩි විදේශීය ආකර්ෂණයන් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබනවා.

ඒ අනුව පැමිණීමේ වීසා හා වාස වීසා යන වීසා වර්ග 02ක් යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?