AFC Banner
Empty Ad
Empty Ad

දෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (27) වීථී සංචාරය කෙරෙනවා.

ඒ, අනුව විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පවසන්නේ.

පෙරහැර අද රාත්‍රී 6.46ට දළදා වීථිය, ඩී.එස් සේනානායක වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, කොටුගොඩැල්ල වීථිය, හරස් වීථිය, ඩී.එස්. සේනානායක වීථිය, රජ වීථිය ඔස්සේ ගමන්කර ගෙවැදීමට නියමිතව තිබෙනවා.

මේ අතර පළමු රන්දෝලි පෙරහැර ඊයේ (26) වීදි සංචාරය කළ අතර, පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් සහභාගී වී සිටියා.

එමෙන්ම පළමු රන්දෝලි පෙරහැර දින දන්ත ධාතූන් වහන්සේ උදෙසා මීපැණි පූජා කළ ආදිවාසීන් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේවරයා ද පළමු රන්දෝලි පෙරහැරේ ගමන් කරනු ලැබුවා.

පොලීසිය ක්‍රියාත්මක කරන වාහන සැලස්ම පහතින්.

01 11

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?