දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාංගණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණේ.

එහිදී ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ වෙනත් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් වැරදීමකින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බවටයි.

ඒ අනුව ඊයේ 26 දෙහිවල පොලිස් වසමේ සුමුදු මාවත ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ අපරාධයට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ සගවාගෙන සිටි ජීව අත්බෝම්බයක් ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

33 හැවිරිදි සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10