පිරමීඩ ජාවාරම්කරුවන්ට අපරාධ නීතිය යටතේ නඩු

පිරමීඩ යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට මහ බැංකුව ඇතුලු බලධාරීන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ 1988 වසරේ බැංකු පනත අනුව මෙම ව්‍යාපාර තහනම් කර ඇති බැවින් මෙවැනි ව්‍යාපාරවලට බලපාන්නේ අපරාධ නීතිය බවයි.

පිරමීඩ ජාවාරම්කරුවන් සිදු කර ඇත්තේ අපරාධයක් වන අතර එය බරපතල වංචාවක් ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙවැනි වංචනික ජාවාරම්වල නිරතවූ ආයතනයන් සහ සමාගම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට මහ බැංකුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබාගෙන ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබියදීත් මාසිකව ලැබෙන වාසිය සලකා බලමින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට ජනතාව හසුවීම කණගාටුදායක තත්වයක් බව ඔහු සඳහන් කරනවා.

ලැබෙන වාසියට වඩා මෙවැනි ජාවාරමක ආයෝජනය කිරීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මහ බැංකුව මෙම ජාවාරම්වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46