හෝටල් කාමරයේ කාන්තා මරණයට ඇල්ලූ සැකකරු බණ්ඩාරවෙලට

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාමරයක් තුළ පසුගිය 24 වනදා තම බිරිඳ ඝාතනය කර පළාගොස් සිටි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) අලුයම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය ගෝනවල පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 24 වනදා දින දහවල් හෝටල් කාමරය තුල තියුණු ආයුධයකින් පහරදිමෙන් ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු මවක්.

මේ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලින් අනතුරුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වස පානය කළ බව පවසමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඒ අනුව බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ කණ්ඩායමක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරු බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46