දුම්රිය පා පුවරුවේ ගිය අයෙකු ආලෝක සංඥා කණුවක ගැටී බරපතළ තුවාල

දුම්රිය පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කණුවක ගැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ අද පස්වරුවේ මරදාන සිට හික්කඩුව බලා ගමන්ගත් දුම්රියේ සිටි අයෙකු මෙම අනතුරට ලක්වී ඇති බවයි.

දුම්රිය පාපුවරුවේ ගමන් කළ ඔහු කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුළුනේ ගැටී අනතුරට ලක්වී තිබෙනවා.

දුම්රිය මැදිරි තුල ඒ වන විට අධික මගීන් පිරිසක් සිට ඇතැයි සඳහන්.

පාපුවරුවේ එල්ලී සිටී පුද්ගලයා ආලෝක සංඥා කුළුනේ ගැටීමත් සමග දුම්රියෙන් ඉවතට විසිවී මීටර් 30ක් පමණ දුරකින් වැටී තිබෙනවා.

ආලෝක සංඥා කුළුනට ද හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16