වාණිජ බැංකුවල පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද

වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා වන චක්‍රලේඛය අද (25) නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට නගරයේදී අද පැවති වැඩසටහකනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවති ආර්ථික වාතාවරණය හමුවේ ගණුදෙනුකරුවන් අධෛර්මත් කර උද්ධමනය පාලනය කිරීමේ අරමුණෙන් බැංකු පොලී අනුපාතිකය ඉහළ නැංවූ බවයි.

උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් අවස්ථා දෙකකදී බැංකු පොලී අනුපාතිකය පහළ දැමූව ද වාණිජ බැංකු ඒ අනුව කටයුතු නොකළ අතර මේ වතාවේ නව බැංකු පොලී අනුපාතික නීතියක් බවට පත් කරමින් අද නව චක්‍රලේඛය නිකුත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව නව උකස් පොලී අනුපාතිකය 18%ක් ලෙසත්, බැංකු අයිරා පොලී අනුපාතිකය 23%ක්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28%ක් ආදී වශයෙන් පොලී අනුපාතිකයන් ක්‍රියාත්මක වන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

  1. Nodakin nidhoomakin api naya aran NSB bank aekae un apee mulu padiyama suuran kanwa apee naya poliya 15/ aehata aran yanna hadanawada dunnae 9/ api naya gatthe jeewath wenna puluwantaramata namuth maee kaalakanni poliya wwdikara tawama adu kaleene sathayak wath henama gahpannnn