නෂීම් ෂා පාකිස්ථානයට තියුණු ජයක් ගෙන එයි (ඡායාරූප)

ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ (24) පැවති දෙවන එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ජයගැනීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට පාකිස්ථානය හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට ලකුණු 300ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 151ක් තුළ ලකුණු 151ක් රැස්කළේ මෙතෙක් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්.

ඊට අමතරව ඊබ්‍රාහිම් සද්‍රාන් ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ලකුණු 80ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 58කට ඇෆ්ගන් කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු පාකිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම්-උල්-හක් ලකුණු 91ක් සහ නායක බාබර් අසාම් ලකුණු 53ක් රැස්කරමින් පාකිස්ථාන ඉනිම ගොඩනැඟුවා.

පකිස්ථානයට අවසන් පන්දුවාරය තුළ ලකුණු 11ක් ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබූ අතර, ඒ මොහොතේ පිටියේ ස්ථාවරව සිටි ශඩබ් ඛාන්ව මන්කාඩ් ක්‍රමයට දවාගන්නට පන්දු යවමින් සිටි ෆසාල්හක් ෆාරුකි සමත් වුණේ තරගයේ ජය ඇෆ්ගනිස්ථානය දෙසට හරවා ගනිමින්.

ක්‍රිකට් නීතියට අනුව එය දුවද්දී දැවී යාමක් වුවත් ෆසාල්හක් ෆාරුකි දවාගත් මෙම කඩුල්ල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඔහුට සිය අප්‍රසාදය මේ වනවිටත් පළකර සිටිනවා.

කෙසේ වෙතත් සටන අත්නොහැරි නෂීම් ෂා, පසුගිය ආසියානු කුසලාන ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන තරගය යළි හම්බන්තොට දී පුනරූපනය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් පාකිස්ථානයට ගෙන ඒමට කටයුතු කළා.

ඒ, අනුව පන්දුවාර 49යි පන්දු 05ක් තුළ තරගයේ ජය තමන් සතුකර ගත් පාකිස්ථාන මෙම තරගාවලියේ ශූරතාව ද තම නම ඉදිරියේ ලියා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44