පැහැරගෙන යමින් තිබූ ජිප් රථය පොලිසිය දැක අත්හැර දමා සැකකරුවන් පළා යයි

පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් පොලිසිය නතර කිරීමට කළ සංඥාවක් හේතුවෙන් සැකකරුවන් එය අත්හැර පළාගොස් තිබෙනවා.

ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් පැහැර ගත් මෙම ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම වීදියගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් 4 දෙනෙකු ජීප් රථය අත්හැර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථය සොයාගන්නා විට එහි ලියාපදිංචි අංකය වෙනස් කර තිබූ අතර ඉදිරිපස බොනට්ටුව මත වාහනය දුටු පමණින් එකවර හඳුනාගත නොහැකි ලෙස ස්ටිකරයක් අලවා තිබූ බව සඳහන්.

බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයකු තම සුඛෝපභෝගී ජීප් රථය විකිණීමට සූදානම් කර ඇති අතර සැකකරුවන් එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඔහුට පහර දී රථයෙන් බිමට ඇද දමා එය පැහැර ගෙන තිබූ බව හෙළිවී තිබෙනවා.

සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28