ශ්‍රී ලාංකිකයන් 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු බැංගලෝරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලාංකිකයන් තුන්දෙනාට යෙලහන්කා හි පිහිටි මහල් නිවාසයේ නවාතැන් දුන් බැංගලෝරයේ පදිංචිකරුවෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 13ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනා ත්‍රස්ත සංවිධානයකට ද සම්බන්ධ වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ද ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශන සිදු කරනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියකට ද සම්බන්ධ ඔවුන් ශ්‍රී ලංකාවේ පොලිසියෙන් මෙන්ම ප්‍රතිවාදී කල්ලියකින් එල්ලවන තර්ජනවලින් බේරීමට ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම් හරහා ඉන්දියාවට පැමිණ ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත්තේ.

රාමේෂ්වරම් සිට ඔවුන් බැංගලෝර් බලා යාමට බසයකින් පැමිණ තිබූ අතර සැකකරුවන් පසුගිය දින 15 තුළ බැංගලෝරයේ ජීවත් වී තිබෙනවා.

ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනාගෙන් දෙදෙනෙක් මිනීමැරුම් නඩු හතරකට හෝ පහකට සම්බන්ධ බවයි.

මෙම ශ්‍රී ලංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් තම මහල් නිවාසයේ රඳවාගෙන සිටි බැංගලෝරයේ පදිංචිකරු ද මිනීමැරුම් චූදිතයකු වන අතර ඔහුට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතිනවා.

සැකකරුවන් කසුන් කුමාර් ශානක (36) අමිල නුවන් (36) සහ රංග ප්‍රසාද් (36) නම් පුදගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 13ක්, ශ්‍රී ලංකාවේ ලිපිනයන් සහිත විසිටින් කාඩ්, බස් ප්‍රවේශ පත්‍ර මෙන්ම හැඳුනුම්පතක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සැකකරුවන් තුන්දෙනා ඉංග්‍රීසි හෝ හින්දි භාෂාව නොදැන සිටීම විමර්ශණවලට දැඩි ගැටලුවක් මතුකර ඇති බවයි.

ඔවුන් සිංහල භාෂාවෙන් පමණක් අදහස් පළ කිරීම හමුවේ විමර්ශණ නිලධාරීන් ගැටලුවකට මුහුණදී සිටින බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනාට නවාතැන් ලබාදුන් පුද්ගලයාට ද සිංහල කතා කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම පුද්ගලයන් තුන්දෙනාට නවාතැන් ලබාදී ඇත්තේ වෙනත් අයෙකුගේ මගපෙන්වීම මත බවට ද ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇති අතර ඔහු පරමේෂ් නම් එම පුද්ගලයාට මුදල් ලබාදී දුරකථනය ද ක්‍රියා විරහිත කරගෙන පළා ගොස් ඇති බව සඳහන්.

සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?