ශ්‍රී ලාංකිකයන් 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු බැංගලෝරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලාංකිකයන් තුන්දෙනාට යෙලහන්කා හි පිහිටි මහල් නිවාසයේ නවාතැන් දුන් බැංගලෝරයේ පදිංචිකරුවෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 13ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනා ත්‍රස්ත සංවිධානයකට ද සම්බන්ධ වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ද ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශන සිදු කරනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියකට ද සම්බන්ධ ඔවුන් ශ්‍රී ලංකාවේ පොලිසියෙන් මෙන්ම ප්‍රතිවාදී කල්ලියකින් එල්ලවන තර්ජනවලින් බේරීමට ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම් හරහා ඉන්දියාවට පැමිණ ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇත්තේ.

රාමේෂ්වරම් සිට ඔවුන් බැංගලෝර් බලා යාමට බසයකින් පැමිණ තිබූ අතර සැකකරුවන් පසුගිය දින 15 තුළ බැංගලෝරයේ ජීවත් වී තිබෙනවා.

ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනාගෙන් දෙදෙනෙක් මිනීමැරුම් නඩු හතරකට හෝ පහකට සම්බන්ධ බවයි.

මෙම ශ්‍රී ලංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් තම මහල් නිවාසයේ රඳවාගෙන සිටි බැංගලෝරයේ පදිංචිකරු ද මිනීමැරුම් චූදිතයකු වන අතර ඔහුට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතිනවා.

සැකකරුවන් කසුන් කුමාර් ශානක (36) අමිල නුවන් (36) සහ රංග ප්‍රසාද් (36) නම් පුදගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 13ක්, ශ්‍රී ලංකාවේ ලිපිනයන් සහිත විසිටින් කාඩ්, බස් ප්‍රවේශ පත්‍ර මෙන්ම හැඳුනුම්පතක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සැකකරුවන් තුන්දෙනා ඉංග්‍රීසි හෝ හින්දි භාෂාව නොදැන සිටීම විමර්ශණවලට දැඩි ගැටලුවක් මතුකර ඇති බවයි.

ඔවුන් සිංහල භාෂාවෙන් පමණක් අදහස් පළ කිරීම හමුවේ විමර්ශණ නිලධාරීන් ගැටලුවකට මුහුණදී සිටින බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනාට නවාතැන් ලබාදුන් පුද්ගලයාට ද සිංහල කතා කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම පුද්ගලයන් තුන්දෙනාට නවාතැන් ලබාදී ඇත්තේ වෙනත් අයෙකුගේ මගපෙන්වීම මත බවට ද ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කරගෙන ඇති අතර ඔහු පරමේෂ් නම් එම පුද්ගලයාට මුදල් ලබාදී දුරකථනය ද ක්‍රියා විරහිත කරගෙන පළා ගොස් ඇති බව සඳහන්.

සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58