වියළි කාලගුණයෙන් හානි වූ වී වගා අක්කර ප්‍රමාණය 53,774 දක්වා ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (23) දිනය වන විට හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය 53,774.81ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වී සහ අනෙකුත් වගාවන්හි සිදුව ඇති වගා හානි පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සකස් කරනු ලබන දෛනික වාර්තාව අද (24) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දෙනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනය වන විට හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය 53,774.81ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ. අනෙකුත් බෝග වගා හානි අක්කර ප්‍රමාණය 445.30ක්.

ඒ අනුව වී සහ අනෙකුත් බෝග වගා හානි සමස්ථ අක්කර ප්‍රමාණය 54,220.11ක් වනවා.

එම වගා හානි හේතුවෙන් පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව වී වගාවේ 48,726ක් වන අතර, අනෙකුත් බෝග වගාව තුළ 425ක් බව සඳහන්.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි හමුවේ පීඩාවට පත් සමස්ථ ගොවීන් ප්‍රමාණය 49,151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය වන විටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණය 25,494.14ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බලපෑමට ලක් වූ සමස්ථ ගොවීන් ප්‍රමාණය 30,514ක් බවයි සඳහන් වන්නේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 1648ක්, උඩවලවේ අක්කර 14,667.5ක්, හම්බන්තොට අක්කර 1898.25ක් සහ මාතලේ 1042.85ක් වශයෙන් වගා හානි වාර්තා වී තිබෙනවා.

අද මතුගමදී පැවති උත්සවයක් අමතමින්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වගා හානි වන්දි පිළිබඳව අදහස් පළ කළා.

“කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වී වගාව තුළ සිදු වන වගා හානි සඳහා අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ලබා දුන්නත්, කිසිසේත්ම එම මුදල මෙවර සිදුව ඇති වගා හානි සඳහා ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. මෙම මුදල වැඩි කර ගැනීම සඳහා දැනට සිදු කරන තක්සේරු අවසන් වීමෙන් පසු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. එමෙන්ම ගොවිජනතාවට පාඩුවක් නොවන ආකාරයටත් රජයේ මුදල් ප්‍රතිපාදන සලකා බලමින් වැඩිම වන්දි මුදල් මෙවර යල කන්නයේ වී වගා කළ ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා. ලබන මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම මෙම වන්දි මුදල් ලබා දීම මගේ අරමුණයි. අමාත්‍ය මණ්ඩලයත්, විශේෂයෙන් ගරු ජනාධිපතිතුමත් හානියට පත් ගොවිජනතාවට වන්දි මුදල් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා. එම නිසා මෙම ගොවීන්ට වැඩිම වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරනවා”

ඒ ඒ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය පහතින්.

දිස්ත්‍රික්කය බලපෑමට ලක්වූ ගොවීන් ප්‍රමාණය අක්කර ප්‍රමාණය
01 කොළඹ 30 80.00
02 ගම්පහ 199 193.03
03 කළුතර 133 123.00
04 මහනුවර 402 217.96
05 නුවරඑළිය 490 492
06 ගාල්ල 143 115.05
07 මාතර 1026 919.15
08 මන්නාරම 9 7.50
09 වව්නියාව 402 581.25
10 මුලතිව් 51 74.00
11 මඩකලපුව 262 592.00
12 අම්පාර 208 415.75
13 ත්‍රිකුණාමලය 213 401.75
14 අනුරාධපුර 943 991.7
15 මොණරාගල 331 371.80
16 බදුල්ල 899 936.20
17 රත්නපුර 897 771.75
18 කෑගල්ල 507 184.00
19 පොලොන්නරුව 935 1,555.5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38