කුවේට් රාජ්‍යයේ හාම්පුතෙකුගෙන් ලැබුණු වැඩිම හිඟ වැටුප රැගත් ගෘහ සේවිකාව දිවයිනට

මෑත ඉතිහාසයේ විශාලතම හිඟ වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් 2,510,400ක් වටිනා කුවේට් ඩිනාර් 2,400ක මුදලක් ලබා ගත් කුවේට් ගෘහ සේවිකාවක ලෙස සේවය කල ශ්‍රී ලංකික කාන්තාවක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

46 හැවිරිදි මෙම කාන්තාව ගාල්ල ගෝනාපීනුවල පදිංචි එක් දරු මවක්.

ඇය 2019 වසරේ අගෝස්තු 27 වනදා කුවේට් රාජ්‍යයේ සුලබිකාත් ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවය සඳහා ගොස් තිබූ අතර එරට පාසැල් ගුරුවරියක වූ නිවස හිමි කාන්තාව නිතර මෙම කාන්තාවට පහර දෙමින් නිවසෙහි වැඩපළ කරවා ගෙන ඇතැයි සඳහන්.

“නිවස හිමි කාන්තාව මට නිතරම ගැහුවා. හරියට කරදර කළා. ඒ අතරෙ මට නිසි පරිදි මාසිකව වැටුප් ගෙවීමක් සිදු කළෙත් නැහැ. මම මේ පිළිබඳව මගේ අම්මාට දැනුම් දුන්නා. ඒ අනුව 2022 වසරේ පෙබරවාරි දෙවනදා අම්මා කොළඹ ඇවිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.”

අදාළ පැමිණිල්ල කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව අමාලා මන්සිදියා ප්‍රදේශයේ පොලිසිය වෙත මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණිළි කර තිබූ බව සඳහන්.

ඒ වන විටත් මෙම ශ්‍රී ලංකික ගෘහ සේවිකාව අදාළ නිවසෙහි සේවය කරමින් සිටි අතර පසුව නිවසෙහි හාම්පුතුන් පොලිසියට කැඳවා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී අවුරුදු 03යි මාස 08ක් එම නිවසෙහි සේවය කළ කාන්තාවට ගෙවා තිබුණේ අවුරුදු 01යි මාස 03ක වැටුපක් පමණයි.

පසුව එම ප්‍රදේශයේ අධිකරණය වෙත මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අතර , එහිදී ඉතිරි හිඟ වැටුප ගෙවීමට එම නිවසෙහි හාම්පුතා මාසයක කාලයක් ලබා දෙන ලෙසටයි ඉල්ලීමක් සිදු කර තිබුණේ.

එතෙක් මෙම කාන්තාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියා .

මෙම විශාලතම හිඟ වැටුප් මුදල ඇයට හිමි කර දීමට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජනක සමරසේකර මහතා කළ මැදිහත්වීම පිළිබඳ මෙම ගෘහ සේවිකාව සිය කෘතඥතාව පළ කළා.

ඇය මෙම මුදල ද රැගෙන අද අලුයම 06.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ මෙම මුදල අරපරිස්සමෙන් පාවිච්චි කරන අතර තවදුරටත් ආර්ථික දුෂ්කරතා මතු වුවහොත් යළිත් විදේශ සේවය සඳහා පිටත්ව යාමට සිදු විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27