කුවේට් රාජ්‍යයේ හාම්පුතෙකුගෙන් ලැබුණු වැඩිම හිඟ වැටුප රැගත් ගෘහ සේවිකාව දිවයිනට

මෑත ඉතිහාසයේ විශාලතම හිඟ වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් 2,510,400ක් වටිනා කුවේට් ඩිනාර් 2,400ක මුදලක් ලබා ගත් කුවේට් ගෘහ සේවිකාවක ලෙස සේවය කල ශ්‍රී ලංකික කාන්තාවක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

46 හැවිරිදි මෙම කාන්තාව ගාල්ල ගෝනාපීනුවල පදිංචි එක් දරු මවක්.

ඇය 2019 වසරේ අගෝස්තු 27 වනදා කුවේට් රාජ්‍යයේ සුලබිකාත් ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවය සඳහා ගොස් තිබූ අතර එරට පාසැල් ගුරුවරියක වූ නිවස හිමි කාන්තාව නිතර මෙම කාන්තාවට පහර දෙමින් නිවසෙහි වැඩපළ කරවා ගෙන ඇතැයි සඳහන්.

“නිවස හිමි කාන්තාව මට නිතරම ගැහුවා. හරියට කරදර කළා. ඒ අතරෙ මට නිසි පරිදි මාසිකව වැටුප් ගෙවීමක් සිදු කළෙත් නැහැ. මම මේ පිළිබඳව මගේ අම්මාට දැනුම් දුන්නා. ඒ අනුව 2022 වසරේ පෙබරවාරි දෙවනදා අම්මා කොළඹ ඇවිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.”

අදාළ පැමිණිල්ල කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව අමාලා මන්සිදියා ප්‍රදේශයේ පොලිසිය වෙත මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණිළි කර තිබූ බව සඳහන්.

ඒ වන විටත් මෙම ශ්‍රී ලංකික ගෘහ සේවිකාව අදාළ නිවසෙහි සේවය කරමින් සිටි අතර පසුව නිවසෙහි හාම්පුතුන් පොලිසියට කැඳවා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී අවුරුදු 03යි මාස 08ක් එම නිවසෙහි සේවය කළ කාන්තාවට ගෙවා තිබුණේ අවුරුදු 01යි මාස 03ක වැටුපක් පමණයි.

පසුව එම ප්‍රදේශයේ අධිකරණය වෙත මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අතර , එහිදී ඉතිරි හිඟ වැටුප ගෙවීමට එම නිවසෙහි හාම්පුතා මාසයක කාලයක් ලබා දෙන ලෙසටයි ඉල්ලීමක් සිදු කර තිබුණේ.

එතෙක් මෙම කාන්තාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියා .

මෙම විශාලතම හිඟ වැටුප් මුදල ඇයට හිමි කර දීමට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජනක සමරසේකර මහතා කළ මැදිහත්වීම පිළිබඳ මෙම ගෘහ සේවිකාව සිය කෘතඥතාව පළ කළා.

ඇය මෙම මුදල ද රැගෙන අද අලුයම 06.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ මෙම මුදල අරපරිස්සමෙන් පාවිච්චි කරන අතර තවදුරටත් ආර්ථික දුෂ්කරතා මතු වුවහොත් යළිත් විදේශ සේවය සඳහා පිටත්ව යාමට සිදු විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
16
+1
2
+1
6
+1
3
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?